හුඟ කාලෙකින් බ්ලොග් අඩවියට යමක් ලියන්න පුලුවන් කමක් ලැබුනෙත් නෑනෙ...මොකද කියල කියනවනම් සින්හලෙන් මේකෙ කොටන්න ගියාම ටිකක් විතර අමාරුයි.එ මදිවට වෙලාවත් යනවා නොවැ....මෙකයි ඇත්තම කීවොත් පොඩි කම්මැලි කමකුත් නැතුවාම නෙවේ මේකෙ යමක් සින්හලෙන් ලියන්න..ඒව කොහොම උනත් ඔන්න මම ආයෙත් ලිපියක් ලියන්න කියල කල්පනා කලා.කලින් ලිපියකදි විෂ්ව විද්යාලය තුල මුල් මාස හතරක පමන කාලය ගෙවිල ගිය හැටි ගැන මම ලිපියක් ලිව්ව කට්ටියට මතක ඇති....හැබයි ඒක ගැන වැඩි මතකයක් නැත්තන් වඩාත් හොදයි කියල තමා මට නම් හිතෙන්නෙ මොකද මම ඒක ලියන කාලෙ හිටියෙ නිකන් "අකුනක් වැදුන කුකුලෙක්" වගේ...හික් හික් හික්.....!! එතනින් යමක් ඉදිරියට ලියන්න කියල තමා මේ උත්සාහය...නමුත් දැන් නම් මේක ලියන්නෙ ඉතා සතුටින් ඉන්න හන්සයෙක් වගේ...කුරුල්ලගෙ නම මේ කාලෙට ගැලපෙනවද මන්දා .......
හ්ම්ම්.......
මම කලින් ලිපිය ලියපු අසතුටුදායක කාලයට පස්සෙ ඇත්තම කීවොත් හොඳ, ගොඩක් සතුටින් සහ උද්යෝගයෙන් ගත කරපු කාලයක් තමයි උදාවුනේ.....එකට එක ප්රධාන හේතුවක් විදිහට එක්තරා විශේෂ කෙනෙක්ගේ සමීප වීම කියල කියන්න මම 'සුට්ටක්' වත් මැලි වෙන්නෙ නෑ..."දැවී අළුවී යන ෆීනික්ස් එය මතින්ම යලි උපත ලබන්නේය" කියල ප්රභාත් 'කමෙන්ට්' එකක් දැම්ම මතකයි මගෙ කලින් ලිපියට...මෙතනදිත් උනේ ඊට සමාන දෙයක් වගේ තමා...
මේ කාලය තුල මම ඉගෙන ගත්තු දේවල් කීපයක්ම තියෙනවා.එව මොනවද කියල කෙටියෙන් වගේ කිව්වොත්,
1.Be yourself (අමුතු සතෙකු වීමට නොගොස් සාමාන්යය ආකාරයට ජීවත් වීම.)
2.ඉවසීම ( Patience කියන වචනය ගැන මටත් වඩා හොදින් විස්තර කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා කිව්වොත් මම වැරදි නෑ....)
3.ලද දෙයින් සතුටු වීම.
මේවායින් වැදගත්ම එක විදිහට මට නම් දැනෙන්නෙ ඔය මුලින්ම කිව්ව එක තමා.. මම ඒ දෙය ගැන පැහැදිලි අවබෝධයක් ගත්තේ නැත්තන් මම අද ඉන්න මේ සතුටුදායක තත්වයට කවදාවත් මට එන්න බැරි වෙන්න ඉඩ තිබුනා...එ වගේම මගේ ජීවිතේ මට මුන ගැහුන වැදගත්ම කෙනෙකු හමු නොවෙන්නත් ඒක හේතුවක වෙන්න ඉඩ තිබුනා....නමුත් ඒක එසේ අවබෝධ වීම ගැන මගෙ හිතේ තියෙන්නෙ ලොකු සතුටක්..
ඒ අතරේ සෙමෙස්ටරය අවසානයේ පැවත්වෙන විභාගයත් කිට්ටු උනා.විභාගය අත ලග උනාට දවසට පැයක් විතර skype එකේ ගත කරන්න මම සුට්ටක් වත් මලි උනේ නම් නෑ... ;) හෘදයාන්ගම සුභ පැතුමක් හැමදාම විභාගෙට කලින් දවසෙ ලැබීම තුලින් ඇති වෙන්නෙ නැවුම් හැඟීමක්..ඇත්තම කිව්වොත් මේ විභාගය නම් mid එකට වඩා ගොඩාක් හොඳට කර ගන්න පුලුවන් උනා...කලින් විභාගයෙදි වුන පසු බෑම සමහර විෂයන්ට අයහපත් බලපෑමක් අති කලා..නමුත් සමස්තයක් හැටියට සෑහෙන සතුටුදායක ප්රතිඵලයක් ලැබුනා....
මෙලෙස විභාගය සාර්ථක කර ගන්න බල පාපු ප්රධානම හෙතු දෙකක් තියෙනවා...එකක් මට ගොඩාක් හිතවත් කෙනෙක්ගෙන් මට ලැබුන සහයෝගය සහ මම හොදට පඩම් කරපු එක...මුලින් කිව්ව කාරණය කොයි තරම් වැදගත් වුනාද කිව්වොත්, ඇත්තටම ලබුනු හොඳ යැයි කියන්න පුලුවන් ප්රතිඵලයෙන් 75% කටම වගෙ බල පෑවෙ ඒ දෙය තමයි...
“This is a compliment that I don’t deserve” කියලා හැම වෙලේම කිව්වට මම ඒකට එකඟ වෙන්නෙ නෑ කියලත් හොදටම දන්නවා නේ? ;)
ඒක කොහොම උනත් ඒ කරපු උදව්වට මම කොහොම ස්තූති කරන්නද?......
ඔන්න ඔහොම කාලය ගෙවිලා යද්දි තමා අලුත් අවුරුද්දත් ටිකෙන් ටික කිට්ටු වුනේ...මේ සති කීපය මම වැඩියෙන්ම සතුටින් කාලය ගත කරපු සති කීපයක් කිව්වොත් මම වැරදි නෑ... 2010 ජනවාරි 1 වෙනිදා....ඒ දවස කවදාවත්ම අමතක වෙන්නෙ නැති දවසක් කියන එක මට 100% විශ්වාසයි...ජීවිතයේ වැදගත් සන්දිස්ථානයක්, නැවුම් අත්දැකීමක්, අලුත් අවුරුද්දක්........ එච්චර සතුටින් ගත කරපු 31 වෙනි රාත්රියක් මට නම් මතක නෑ.....ජනවාරි 1 වෙනිදා විශේෂ වෙලාවකුත් තියෙනවා...ඒත් සමහර දේවල් පුද්ගලිකව තියා ගත්තම තියෙන වින්දනය හරි වටිනවා..ඒ හින්දා එක ගැන මුකුත් නොකිය ඉන්නම්.......
සති දෙක හමාරක පමණ කාලයක් අවුරුදු දෙක හමාරක් වගේ දැනෙන්න ගන්නවා කියන්නෙ ටිකක් විතර කම්මැලි හඟීමක් කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්....නමුත් මට නම් ඒක එහෙමයි කියල පොඩ්ඩක් වත් හිතුනෙ නෑ....
“I’d like to make myself believe; That planet Earth turns slowely…….”
මේ වචන ටික කියද්දි මතක් වෙන්නෙ Owl City සංගීත කන්ඩායමේ Fireflies කියන ගීතය.....අමතක නොවෙන පද පෙලක්....අමරණීය ගීතයක්.....
දැන් ඉතින් අලුත් සෙමෙස්ටරයකුත් ආරම්භ වෙලා තියෙනවා....කලින් එකේදි වුන අඩු පාඩු සියල්ලම වාගෙ හදාගෙන ඉස්සරහට යන්න තමයි උත්සාහය....ඒ උත්සාහයේදි මම තනි වෙලා නෑ කියන හැඟීම හිතට ගේන්නෙ ලොකු සැනසීමක්......
වැඩිය විස්තර ලියන්න අදහසකුත් නෑ...මේ ඇති වගේ.....හ්ම්ම්….. ඔන්න ඔහොමයි ඉතුරු මාස කීපය ගෙවිලා ගියේ.....නරකම නෑ නේද? Impressive ;) නෙ ?
අන්තිමට, මම නිතරම කියන කථාවක් කියලා ඉවර කරන්න කියල හිතුවා…….
“Hope for the best, prepare for the worst…”
නමුත් මේ කථාවෙදි නම් අන්තිම කොටස වැඩිය වලන්ගු වෙන්නෙ නෑ...මොකද මට 200% ක්ම විශ්වාසයි මෙතනදී කිසිදු ආකාරයක නරක දෙයක් සිදු වෙන්නෙ නෑ කියලා........
“ජීවිතේ සුන්දරද මෙතරම්.......”